
රෝඩ් සේෆ්ටි ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති එංගලන්ත ප්‍රවීණයන්ට එරෙහි තරගයෙන් කඩුලු 06 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන් සමත්වුණා.
රායිපූර් හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 දී කඩුලු 09 ක් දැවී ලබාගත්තේ ළකුණු 78 ක් පමණයි.
ටී එම් ඩිල්ශාන් ළකුණු 06 කට කඩුලු 04 ක් බිඳ හෙලුවා.

රංගන හේරත් ළකුණු 17 කට කඩුලු 02 යි.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර 07 යි පන්දු 03 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

ටී එම් ඩිල්ශාන් නොදැවී 61 යි.