Day: March 15, 2021

අපජලයේ කොරෝනා වයිරස් කොටස් හමු වීමත් සමඟ මෙල්බර්න් නගරාසන්නයේ Box Hill සහ​ Werribee ඇතුළු ප්‍රදේශ 14කට අනතුරු ඇඟවීම්!

වික්ටෝරියානු ප්‍රාන්තයේ දින 17 ක් තුළ දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවූවද​ මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශවල අපජල සාම්පලවල COVID-19 වයිරස් කොටස් සොයාගෙන ඇත. වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉතාම මෘදු රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු විශේෂයෙන් මාර්තු 9 සිට 11 දක්වා කාලය තුල​ පහත දක්වා ඇති ප්‍රදේශවලට ගොස් තිබේ නම්  කොරෝනා පරීක්ෂාව සිදු කර ගන්නා ලෙසයි. ලැයිස්තුවේ තදාසන්න ප්‍රදේශ 14 ක් ඇත. Laverton Laverton North Werribee (Werribee ගඟට නැගෙනහිරින්) Balwyn North Blackburn North

Read More »

සිංගප්පූරුව සමඟ ජාත්‍යන්තර සංචාර ඇරඹීමට ඕස්ට්‍රේලියාව සැරසේ.

සිංගප්පූරුව සමඟ සංචාරක බුබුලක් (travel bubble) නිර්මාණය කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානුවන්ට බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් විදේශීය සංචාරයන් ආරම්භ කල හැකි බව සඳහන් වේ. මේ පිළිබඳව​ ඕස්ට්‍රේලියානු වෙළඳ අමාත්‍ය ඩෑන් ටෙහාන් සහ රජයේ සේවා අමාත්‍ය ස්ටුවර්ට් රොබට් දැනටමත් සිංගප්පූරු රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. නවසීලන්තය ද ඉදිරියේදී මෙම සංචාරක බුබුලට එක් වීමට අපේක්‍ෂා කරන බව සඳහන් වේ. නියෝජ්‍ය අගමැති මයිකල් මැකෝර්මාක් පැවසුවේ ජූලි මාසය වන විට මෙම සංචාරක බුබුල

Read More »

ශ්‍රී ලාංකික බෞද්ධයින්ට පන්සල් යෑම අනිවාර්‍ය කල යුතුයි- අගමැති මහින්ද රාජපක්‍ෂ පවසයි.

සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ ශ්‍රී ලාංකික​ බෞද්ධයන් ලෙස පන්සල් යෑම අනිවාර්ය කළයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. අගමැතිවරයා මේ බව සඳහන් කළේ, පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමින්. “අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි. එසේ නොවුනොත් සිදුවන්නේ විශාල විනාශයක්, දරුවන් දහම්පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළයුතුයි. අනෙකුත් ආගම්වල

Read More »