
වික්ටෝරියානු ප්‍රාන්තයේ දින 17 ක් තුළ දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවූවද මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශවල අපජල සාම්පලවල COVID-19 වයිරස් කොටස් සොයාගෙන ඇත.
වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉතාම මෘදු රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු විශේෂයෙන් මාර්තු 9 සිට 11 දක්වා කාලය තුල පහත දක්වා ඇති ප්‍රදේශවලට ගොස් තිබේ නම් කොරෝනා පරීක්ෂාව සිදු කර ගන්නා ලෙසයි.
ලැයිස්තුවේ තදාසන්න ප්‍රදේශ 14 ක් ඇත.

- Laverton
- Laverton North
- Werribee (Werribee ගඟට නැගෙනහිරින්)
- Balwyn North
- Blackburn North
- Box Hill North
- Bulleen
- Doncaster
- Doncaster East
- Donvale
- Mitcham
- Mont Albert North
- Nunawading
- Sunbury (මාර්තු 7 සිට 11 දක්වා නැගෙනහිර නොවන ප්‍රදේශය)
ලැයිස්තුගත කර ඇති දිනයන්හි මෙම ප්‍රදේශවලට ගිය ඕනෑම අයෙකුට COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොරෝනා පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට ඉල්ලා සිටී.