සිංගප්පූරුව සමඟ ජාත්‍යන්තර සංචාර ඇරඹීමට ඕස්ට්‍රේලියාව සැරසේ.

සිංගප්පූරුව සමඟ සංචාරක බුබුලක් (travel bubble) නිර්මාණය කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානුවන්ට බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් විදේශීය සංචාරයන් ආරම්භ කල හැකි බව සඳහන් වේ.

මේ පිළිබඳව​ ඕස්ට්‍රේලියානු වෙළඳ අමාත්‍ය ඩෑන් ටෙහාන් සහ රජයේ සේවා අමාත්‍ය ස්ටුවර්ට් රොබට් දැනටමත් සිංගප්පූරු රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. නවසීලන්තය ද ඉදිරියේදී මෙම සංචාරක බුබුලට එක් වීමට අපේක්‍ෂා කරන බව සඳහන් වේ.

නියෝජ්‍ය අගමැති මයිකල් මැකෝර්මාක් පැවසුවේ ජූලි මාසය වන විට මෙම සංචාරක බුබුල ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම සංචාරක බුබුල ක්‍රියාත්මක වන්නේ කොරෝනා එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල මත බවයි.

ඒ අනුව​, කොරෝනා එන්නත් ලබා ගත් බවට සාක්‍ෂි ඉදිරිපත් කල පසු ඕස්ට්‍රේලියානුවන්ට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවසරයක් නොමැතිව සිංගප්පූරුව බලා පිටත්ව යා හැකිය. ඒ හා සමානව, සිංගප්පූරු වැසියන්ට එන්නත් කිරීම පිළිබඳ සාක්ෂි සැපයිය හැකි නම්, සති දෙකක අනිවාර්ය හෝටල් නිරෝධායනයක් සම්පූර්ණ නොකර ඕස්ට්‍රේලියාවට යාමට ඉඩ දෙනු ඇත.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »