ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවට යන අයට සුභ ආරංචියක්

ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල සිට මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටිය යුතු දින ගණන දින 7ක් දක්වා අඩු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසුව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සිය නිවෙස් තුල නිරෝධායනය වීමට අවස්ථාව දෙන ලෙසද තමන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු පැවසුවේ.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් දින 7 කට පසුව පිටත්කර යවන පුද්ගලයින් තවත් දින 7 ක කාළයක් නිවාස නිරෝධායනයේ සිටිය යුතු බවට වන කොන්දේසිය යටතේ මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

විදේශයන්හී සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් හෝටල් තුළ නිරෝධායනය වීමේදී මුහුණදීමට සිදුවන විවිධ අපහසුතාවන් පිළිබඳ සළකා මෙම තීරණය ගෙන තිබෙනවා.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »