
අගුණකොළපැළැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අයත් Y අංශය අසල තිබී සොයාගත් ජංගම දුරකථනයක් ඉදිරි පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකල සෝදිසියකදීයි එය හමුවී ඇත්තේ.
මෙහිදී Y අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ ඉමි අංකය සඳහන් නොවන ස්මාර්ට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා.

මෙම වයි අංශය තුළ රංජන් රාමනායක ඇතුලූ තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ.