කාන්තා හිංසනවලට එරෙහිව ඔස්ටේ්‍රලියාව පුරා විරෝධතා

රට තුළ සිදුවන කාන්තා හිංසන සහ ලිංගික අතවරවලට විරෝධය පළකරමින් ඔස්ටේ්‍රලියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රධාන නගර රැසක විරෝධතාවලට එක්වී සිටිනවා.

පාර්ලිමේන්තුව අසලද දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඔස්ටේ්‍රලියාවේ ආයතනවල ප්‍රධාන තනතුරු දරන කාන්තාවන් මෙන්ම මැති ඇමතිනියන් පවා අතීතයේ තමන් මුහුණ පෑ අතවර පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමත් සමග කාන්තා හිංසන සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කථාබහක් නිර්මාණය වී තිබෙනවා.

පවතින තත්වයට එරෙහිව කටයුතු කිරීමට ඔස්ටේ්‍රලියා රජයේ පිළිවෙත ලිහිල් එකක් බවටයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »