ඔස්ටේ්‍රලියාවේත් වවන ලෝකයේ මිළ වැඩිම දොඩම් කමුද ??

1970 දශකයේ මුල භාගයේ දී ජපානයේ නව දොඩම් ප්‍රභේදයක් බිහිවුණා.

ඩෙකොපොන් යන නමින් හැඳින්වෙන එම දොඩම් ප්‍රභේදය ක්‍රමයෙන් ලොව පුරා ජනප්‍රිය වුණා.

එම ජනප්‍රියත්වය ක්‍රමයෙන් ඉහළ ගිය නිසා එය අද වන විට ලොව මිල අධිකම දොඩම් වර්ගය බවට පත්ව තිබෙනවා.

වර්තමානය වන විට ඩෙකොපොන් දොඩම් ජපානය, ඇමරිකාව, ඔස්ටේ්‍රලියාව, බ්‍රසීලය, චීනය වැනි රටවල්වල වගා කරනවා.

මෙම දොඩම් වර්ගයේ ගෙඩියක උඩ කොටස ජපන් සුමෝ සටන්කරුවෙකුගේ හිසක් මෙන් දිස්වන නිසා මෙය සුමෝ දොඩම් ලෙසින් ද හඳුන්වනවා.

සාමාන්‍යයෙන් ඩෙකොපොන් දොඩම් වෙළඳපොල තුළ දක්නට ලැබෙන්නේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා ගෙවෙන කාලය තුළ යි.

මෙම දොඩම් වර්ගය ඉහළ මිලකට අලෙවි වන නිසා වගාකරන ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණත් වගාව කරගෙන යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.

සාමාන්‍යයෙන් අනිකුත් දොඩම්වලට වඩා හොඳින් ඩෙකොපොන් දොඩම් ශාක රැකබලාගත යුතු යි.

අනිකුත් දොඩම් වර්ගවලට වඩා මෙම දොඩම් ප්‍රභේදයට නිතර ලෙඩරෝග වැළඳීමේ අවදානම පවතිනවා.

මේ වන විට ඩෙකොපොන් දොඩම් කිලෝග්‍රෑම් 1ක් අලෙවි වන්නේ ආසන්න වශයෙන් ඩොලර් 80ක් වැනි (රුපියල් 15 000 – 16 000) අධික මිලකට යි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »