ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා එන්නත ලබා ගත් සෞඛ්‍ය සේවකයෙකුට අතුරු ආබාධයක්!

COVID-19 එන්නත ලබා ගත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝල්ඩ් කෝස්ට් හි සෞඛ්‍ය සේවකයෙකු අහිතකර ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.

ඊයේ ගෝල්ඩ් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහලේදී ෆයිසර් එන්නත ලබා දුන් අවස්ථාවේදී පුද්ගලයාට ඇනෆිලැක්සිස් ප්‍රතික්‍රියාවක් ඇතිවිය.
ගෝල්ඩ් කෝස්ට් සෞඛ්‍ය ප්‍රකාශකයෙකු සනාථ කළේ එම​ පුද්ගලයා මීට පෙරද ඇනෆිලැක්සිස්තත්වයන් වලට මුහුණ දුන් කෙනෙකු බවයි.  තවද​, මෙම පුද්ගලයා එම ප්‍රතික්‍රියාවට ඉක්මණින් ප්‍රතිචාර දක්වා ඇති අතර​ ඉක්මනින් සුවය ලබා ඇති බව සඳහන්.

“ඕනෑම එන්නතකින් ඇතිවිය හැකි අතුරු ආබාධයක් ලෙස ඇනෆිලැක්සිස් හඳුනාගෙන ඇත. මේ සඳහා කාර්ය මණ්ඩලය හොඳින් සූදානම්ව සිටින අතර එවැනි ප්‍රතික්‍රියා කළමනාකරණය කිරීම සඳහා දැඩි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වේ.”
සේවකයාට සුදුසු ප්‍රතිකාර ලබා දී ඇති බවත්, පසුව සුවය ලබා ඇති බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්සනාථ කළහ.

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »