සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ලැබුණු ඇමතුමකට අනුවයි ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිස් නිලධාරීන් භාරයට ගත් 30 හැවිරිදි මෙම පුද්ගලයා ආරක්‍ෂිත ප්‍රදේශය හරහා දිව ගොස් සීමිත ප්‍රවේශයක් සහිත ප්‍රදේශවලට ද ඇතුලු වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක භාණ්ඩ රඳවන කුටියට ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර ගමන් මලු හසුරුවන්නන් මැදිහත් වී සැකකරු පොලිස් නිලධාරීන්ගේ භාරයට පත් කර ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයාගේ මානසික තත්වය පරීක්ෂා කිරීම සඳහා රෝහලට ගෙන ගොස් ඇති අතර ගුවන් තොටුපළේ සීමා සහිත ප්‍රදේශවලට ඇතුලු වීම සම්බන්ධ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහුට වෙනත් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවත් ඉදිරි මාස 12ක කාලයක් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීම තහනම් බවත් දැනුම් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »