කොරෝනා වසංගතය අතරතුර ඕස්ට්‍රේලියානුවන් 100,000 කට වැඩි පිරිසකට විදෙස් සංචාර සඳහා අවසර ලබා දී ඇති බවට වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ජාත්‍යන්තර සංචාර තහනම් කර තිබියදීත්, සෑම මසකම ඕස්ට්‍රේලියානුවන් 11,000 කට වැඩි පිරිසකට විදෙස් ගත වීමට අවසර ලබා දී තිබේ.

9නිව්ස් විසින් ලබා ගත්දත්ත වලින් හෙළි වන්නේ 2020 මාර්තු 25 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවෙන් පිටවීම සඳහා අනුමත කර ඇති සංචාරක නිදහස් කිරීම් (Travel exemptions) 105,028 ක් ඇති බවයි.

මෙලෙස ගමන් කිරීම් සඳහා අවසර දී ඇති හේතු අතර​ දිගු විදෙස් සංචාර, ව්‍යාපාරික ගමන් සහ පවුල් කටයුතු ඇතුළත් වේ. තවද, මෙලෙස අවසර ලත් සංචාරකයින් අතරේ සියයට 40 කට වඩා වැඩි පිරිසක් (සියයට 43) සිඩ්නි නුවරින් පිටත්ව ගොස් ඇති අතර, මෙල්බර්න් (සියයට 29), බ්‍රිස්බේන් (සියයට 13) සහ පර්ත් (සියයට 9)  වැනි ප්‍රතිශතයන් එක් එක් ගුවන් තොටුපලවලින් පිටවී ගොස් ඇත​.

විදේශ ගත වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනුමත කරන ලද නිදහස් කිරීම් සංඛ්‍යාවට වඩා විශාල විය හැකි අතර,  මෙලෙස විදෙස් ගත වීමට අවසර පත්‍රයක් ලබා ගත් පසුව​ සංචාරය සඳහා හේතුව වෙනස් වී නොමැති නම් ඒවා නැවත භාවිතා කළ හැකිය.

පහතින් දැක්වෙන්නේ, 2020 මාර්තු 25 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවෙන් පිටවීම සඳහා අනුමත කර ඇති සංචාරක නිදහස් කිරීම් (Travel exemptions) ලැයිස්තුවයි.

SOURCE: Department of Home Affairs

(9News)

මෙල්බන් අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »