Day: March 4, 2021

කොරෝනා වසංගතය අතරතුර ඕස්ට්‍රේලියානුවන් 100,000 කට වැඩි පිරිසකට විදෙස් සංචාර සඳහා අවසර ලබා දී ඇති බවට වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ජාත්‍යන්තර සංචාර තහනම් කර තිබියදීත්, සෑම මසකම ඕස්ට්‍රේලියානුවන් 11,000 කට වැඩි පිරිසකට විදෙස් ගත වීමට අවසර ලබා දී තිබේ. 9නිව්ස් විසින් ලබා ගත්දත්ත වලින් හෙළි වන්නේ 2020 මාර්තු 25 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවෙන් පිටවීම සඳහා අනුමත කර ඇති සංචාරක නිදහස් කිරීම් (Travel exemptions) 105,028 ක් ඇති බවයි. මෙලෙස ගමන් කිරීම් සඳහා අවසර දී ඇති හේතු අතර​ දිගු විදෙස් සංචාර, ව්‍යාපාරික ගමන් සහ පවුල් කටයුතු ඇතුළත් වේ. තවද, මෙලෙස

Read More »

කොළඹ නගරයේ ඔක්සිජන් හිඟයක්!

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාවෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දියත් කිරීමට යෝජනා කොටගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ

Read More »

මෙල්බන් හි පිහිටි කර්මාන්තශාලා දෙකක විශාල ගින්නක්! එයින් හට ගත් දුමාරයෙන් ආරක්‍ෂාවීමට ප්‍රදේශ 8කට දැනුම් දේ.

අද​(4/3) අලුයම 12.40 ට Cheltenham හි Age වීදියේ යාබද කර්මාන්තශාලා දෙකක ඇති වූ විශාල ගින්නක් සාර්ථකව මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් සමත් වී ඇති අතර එම ප්‍රදේශය අවට සිටින ජනතාවට​ අහිතකර දුම ආඝ්‍රහණයෙන් වැළකීමට උපදෙස් දී තිබේ. ගිනි නිවන භටයන් ගින්න මීටර් 60 ක් පමණ​ උස බවත් බාහිර බිත්ති සමහරක් කඩා වැටී ඇති බවත් සොයා ගත්හ. අලුයම 4 ට පෙර ගින්න පාලනය කර ඇති නමුත් තදාසන්න ප්‍රදේශ අටක් සඳහා එයින් හටගත් දුමාරය පිළිබඳව​ උපදෙස් නිකුත්

Read More »

ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සැලකිය යුතු ලෙස වර්ධනය වේ.

COVID-19 වසංගතයෙන් පසු රට යථා තත්ත්වයට පත්වීමත් සමඟ දෙසැම්බර් කාර්තුවේදී ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සියයට 3.1 කින් වර්ධනය වී තිබේ. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලින් පෙනී යන්නේ ඕස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.1 කින් ඉහළ ගොස් ඇති බවයි. ඕස්ට්‍රේලියාව දළ දේශීය නිෂ්පාදිතයේ ධනාත්මක වර්ධනයක් වාර්තා කළ අඛණ්ඩ දෙවන කාර්තුව මෙය වේ. වසර 60 කට අධික ඉතිහාසයක් තුල​ දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු දෙකක සියයට 3.0 කට වඩා වර්ධනය වූ පළමු අවස්ථාව මෙයයි. ABS හි ජාතික

Read More »