
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ජාත්‍යන්තර සංචාර තහනම් කර තිබියදීත්, සෑම මසකම ඕස්ට්‍රේලියානුවන් 11,000 කට වැඩි පිරිසකට විදෙස් ගත වීමට අවසර ලබා දී තිබේ.
9නිව්ස් විසින් ලබා ගත්දත්ත වලින් හෙළි වන්නේ 2020 මාර්තු 25 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවෙන් පිටවීම සඳහා අනුමත කර ඇති සංචාරක නිදහස් කිරීම් (Travel exemptions) 105,028 ක් ඇති බවයි.
මෙලෙස ගමන් කිරීම් සඳහා අවසර දී ඇති හේතු අතර දිගු විදෙස් සංචාර, ව්‍යාපාරික ගමන් සහ පවුල් කටයුතු ඇතුළත් වේ. තවද, මෙලෙස අවසර ලත් සංචාරකයින් අතරේ සියයට 40 කට වඩා වැඩි පිරිසක් (සියයට 43) සිඩ්නි නුවරින් පිටත්ව ගොස් ඇති අතර, මෙල්බර්න් (සියයට 29), බ්‍රිස්බේන් (සියයට 13) සහ පර්ත් (සියයට 9) වැනි ප්‍රතිශතයන් එක් එක් ගුවන් තොටුපලවලින් පිටවී ගොස් ඇත.

විදේශ ගත වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනුමත කරන ලද නිදහස් කිරීම් සංඛ්‍යාවට වඩා විශාල විය හැකි අතර, මෙලෙස විදෙස් ගත වීමට අවසර පත්‍රයක් ලබා ගත් පසුව සංචාරය සඳහා හේතුව වෙනස් වී නොමැති නම් ඒවා නැවත භාවිතා කළ හැකිය.
පහතින් දැක්වෙන්නේ, 2020 මාර්තු 25 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඕස්ට්‍රේලියාවෙන් පිටවීම සඳහා අනුමත කර ඇති සංචාරක නිදහස් කිරීම් (Travel exemptions) ලැයිස්තුවයි.

Exemption category |
No. issued |
---|---|
Compassionate and compelling grounds (including death/serious illness of family member, travel for adoption or surrogacy) | 31,091 |
Critical industries and business (including business travel, FIFO workers) | 8963 |
National interest | 175 |
Response to the COVID-19 outbreak | 438 |
Total | 105,028 |
Travelling overseas for at least three months (including students) | 51,793 |
Urgent and unavoidable personal business | 11,686 |
Urgent medical treatment not available in Australia | 882 |
SOURCE: Department of Home Affairs
(9News)