ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සැලකිය යුතු ලෙස වර්ධනය වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සැලකිය යුතු ලෙස වර්ධනය වේ.

ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සැලකිය යුතු ලෙස වර්ධනය වේ.

COVID-19 වසංගතයෙන් පසු රට යථා තත්ත්වයට පත්වීමත් සමඟ දෙසැම්බර් කාර්තුවේදී ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය සියයට 3.1 කින් වර්ධනය වී තිබේ.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (ABS) නව දත්ත වලින් පෙනී යන්නේ ඕස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.1 කින් ඉහළ ගොස් ඇති බවයි.

ඕස්ට්‍රේලියාව දළ දේශීය නිෂ්පාදිතයේ ධනාත්මක වර්ධනයක් වාර්තා කළ අඛණ්ඩ දෙවන කාර්තුව මෙය වේ. වසර 60 කට අධික ඉතිහාසයක් තුල​ දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු දෙකක සියයට 3.0 කට වඩා වර්ධනය වූ පළමු අවස්ථාව මෙයයි.

ABS හි ජාතික ගිණුම් අංශ ප්‍රධානී මයිකල් ස්මෙඩිස් පැවසුවේ ධනාත්මක වර්ධනයක් තිබියදීත්, දළ දේශීය නිෂ්පාදිත සමස්ත අගයන් තවමත් වසංගතයට පෙර තිබූ අගයන් වෙත ළඟා වෙමින් පවතින බවයි.

මෙලෙස දළ දේශීය නිෂ්පාදිත අගයන් වර්ධනය වීමත් සමඟ ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්ව ඇතැයි ස්මෙඩීස් තවදුරටත් පැවසීය.

COMMENTS