උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රීකට් පිටියට සමුදෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් මේ බව නිවේදනය කළා.

2005 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු සිය වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 31කට, එක්දින තරග 235කට සහ 20යි 20 තරග 26කට ක්‍රීඩා කළා.

එහිදී ටෙස්ට් ලකුණු 1,754ක්, එක්දින ලකුණු 6,951 ක් සහ 20යි 20 ලකුණු 407ක් රැස් කිරීමට ඔහු සමත් වුණා. ඊට ටෙස්ට් ශතක 3ක් සහ එක්දින ශතක 15ක් ඇතුළත්.

 

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »