Day: February 23, 2021

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රීකට් පිටියට සමුදෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් මේ බව නිවේදනය කළා. 2005 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු සිය වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 31කට, එක්දින තරග 235කට සහ 20යි 20 තරග 26කට ක්‍රීඩා කළා. එහිදී ටෙස්ට් ලකුණු 1,754ක්, එක්දින ලකුණු 6,951 ක් සහ 20යි 20 ලකුණු 407ක් රැස් කිරීමට ඔහු සමත් වුණා.

Read More »

Facebook සමාගම විසින් ඔස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වලට පැනවූ තහනම ඉවත් කරගැනීමට සැරසේ!

Facebook විසින් ඔවුන්ගේ ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවීමට​ බල කරන යෝජිත මාධ්‍ය නීති කේතය​ සංශෝධනය කිරීමට ඕස්ට්‍රේලියානු රජය එකඟ වීමෙන් පසු Facebook තම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රවෘත්ති බෙදා හැරීමට ඉඩ සලසන බවට ප්‍රකාශ කර ඇත​. ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා (18/02) උදෑසන සිට අවහිර කළේය. භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් සහ Facebook අධිපති මාර්ක් සකර්බර්ග් අතර සාකච්ඡා දිගින් දිගටම පැවැත්වූ අතර මේ සාකච්ඡාවන් වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එකඟතාවයකට එළඹී ඇති

Read More »

දැඩි නව කොන්දේසි වලට යටත්ව​ JobSeeker දීමනාව​ ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියානු රජය සැරසේ. 

කොරෝනා වයිරස් අතිරේකය අහෝසි කළ පසු රැකියා විරහිත කම්කරුවන්ට JobSeeker දීමනාව​ දෙසතියකට ඩොලර් 50 ක ස්ථිර වැඩිවීමක් ලැබෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තහවුරු කර තිබේ. නව අනුපාතය දිනකට අමතර ඩොලර් 3.57 කට සමාන වේ. මෙම JobSeeker වැඩිවීම නිසා ජාතික අවම වැටුප සියයට 41.2 ක් දක්වා ඉහළ නංවන අතර වසර හතරක් තුළ ඩොලර් බිලියන 9 ක් වැය වේ. සමාජ සේවා අමාත්‍ය Anne Ruston පැවසුවේ 1986 සිට විරැකියා ප්‍රතිලාභවල විශාලතම වැඩිවීම මෙය බවයි. කෙසේවෙතත්, මෙම JobSeeker

Read More »

චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයෙන් ඉවත් වේ.

ඊයේ පෙරවරුවේ  ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තය වන චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ් ඩායම​ බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට පෙර චමින්ද වාස් වගකීම් විරහිතව වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින බවට ශ්‍රී ලංකා ක්‍රිකට් චෝදනා කළේය. “මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිහතමානී ඉල්ලීමක් කළ අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. මට මේ මොහොතේ පැවසිය හැක්කේ එපමණයි. යුක්තිය ඉටුවනු ඇත! ” වාස් පැවසීය​. ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව චමින්ද වාස්

Read More »

නාසා ආයතනය අඟහරු ග්‍රහයා මත රෝවර් ගොඩබෑමේ විශ්මය ජනක වීඩියෝවක් නිකුත් කරයි!

නාසා ආයතනය මඟින් රෝවර් නැමති අභ්‍යවකාශ යානාව අඟහරු ග්‍රහයා මත ගොඩ බැසීම පිළිබඳ විශ්මජනක වීඩියෝවක් “අඟහරු මතට ගොඩබසින්නේ කෙසේද” යනුවෙන් නිකුත් කර ඇත​. වීඩියෝව, අලුතින් නිකුත් කරන ලද අනෙකුත් වීඩියෝ දර්ශන සමඟ, රතු ග්‍රහලෝකයේ දර්ශන සහ ශබ්ද පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා දෙයි. Your front-row seat to my Mars landing is here. Watch how we did it.#CountdownToMars pic.twitter.com/Avv13dSVmQ — NASA's Perseverance Mars Rover (@NASAPersevere) February 22, 2021

Read More »