Facebook විසින් ඔවුන්ගේ ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවීමට බල කරන යෝජිත මාධ්‍ය නීති කේතය සංශෝධනය කිරීමට ඕස්ට්‍රේලියානු රජය එකඟ වීමෙන් පසු Facebook තම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රවෘත්ති බෙදා හැරීමට ඉඩ සලසන බවට ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් පසුගිය බ්‍රහස්පතින්දා (18/02) උදෑසන සිට අවහිර කළේය.
භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් සහ Facebook අධිපති මාර්ක් සකර්බර්ග් අතර සාකච්ඡා දිගින් දිගටම පැවැත්වූ අතර මේ සාකච්ඡාවන් වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එකඟතාවයකට එළඹී ඇති බව සඳහන් වේ.
මාර්ක් සකර්බර්ග් වසා දැමූ Facebook පිටු නැවත ප්‍රතිස්ථාපනය කිරීමට Facebook සමාගම ඉදිරියේදී කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත.
Facebook ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සමාගමට රජය සමඟ එකඟතාවකට පැමිණීමට හැකිවීම සතුටට කරුණක් බවයි.
Facebook සමාගමේ උප සභාපති කැම්ප්බෙල් බ්‍රවුන් පැවසුවේ අනාගතයේදී ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති අන්තර්ගතයන් පිළිබඳ අයිතිය Facebook සතු බවයි.