වික්ටෝරියානු ප්‍රාන්තයේ පවතින lockdown තත්වය අවසන් වන්නේ කවදාදැයි වික්ටෝරියානු අගමැතිගෙන් ඉඟියක්!

අද දින වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් එක් කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇති අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් වික්ටෝරියානු අගමැති Daniel Andrews දැනට පවතින stage 4 lockdown තත්වය එළඹෙන බදාදා දින වන විට අවසන් කරන්නේද නැද්ද යන්න පිළිබඳ ඉඟියක් පල කලේය.

Andrews පවසන්නේ සැලසුම් කර ඇති පරිදි බදාදා දිනට අවසන් වීමට නියමිත දින පහේ හදිසි lockdown තත්වය අවසන් කිරීමට රජය හොඳින් සැරසී සිටින බවයි.

බදාදා රාත්‍රී 11.59 වන තෙක් වික්ටෝරියානුවන්ට නිවසින් පිටව යා හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සාප්පු යෑමට, රැකවරණය සැපයීමට හෝ ලබා ගැනීමට, ව්‍යායාම කිරීමට සහ නිවසේ සිට යාමට නොහැකි නම් වැඩ කිරීමට හෝ පාසල්අධ්‍යයන කටයුතු සඳහා පමණි. තවද​, කිලෝමීටර් 5 ක ගමන් සීමාව, අනිවාර්ය මුහුණු ආවරණ භාවිතය සහ නිවසට අමුත්තන් ගෙන්වීමට අවසර නොමැතිවීම ඇතුලු නීති වත්මන් තත්වය යටතේ ක්‍රියාත්මක වේ.

Andrews වාර්තාකරුවන්ට පැවසුවේ lockdown තත්වය අවසන් වන්නේ කවදාදැයි තහවුරු කිරීමට තමාට හැකියාවක් නොමැති අතර, ඔහු කොරෝනා පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වන සියලුම වික්ටෝරියානුවන්ට තම ස්තූතිය පල කරන බව සඳහන් කලේය​.

තවදුරටත් ඔහු අදහස් දක්වමින් පැවසූවේ මෙලෙස කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව මර්දනය කිරීමට රජයට හැකි වුවහොත් ඉදිරියේදී නීති සීමාවන් ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »