කොරෝනා එන්නත් ළමුන්ට ලබා දීම සඳහා අත්හදා බැලීම් ඇරඹේ.

කොරෝනා එන්නතට කුඩා ළමයින් දක්වන ප්‍රතිචාරය පිළිබඳ පරීක්ෂණාත්මක අධ්‍යයනයක් දියත් කිරීමට කටයුතු සලසන බවට පසුගිය සෙනසුරාදා බ්‍රිරිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිවේදනය කර තිබේ.

ඒ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කළ එන්නත් යොදා ගනිමින්.

මෙහිදී එම අධ්‍යයනය මගින් එන්නත ලබා දෙන ළමයින් තුල ප්‍රතිදේහ නිෂ්පාදනය වන්නේ ද යන්න මෙන්ම එය භාවිත කිරීමේ සුරක්ෂිතතාව පරීක්ෂා කරනු ලබයි.

මේ සඳහා වයස අවුරුදු 6 ත් 17 ත් අතර ළමයින් 300 දෙනෙකු නියැදියක් ලෙස තෝරා ගෙන තිබේ.

මේ අතර අනෙකුත් කොරෝනා එන්නත් ද ළමුන් සඳහා පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇති බවට සඳහන්.

ඔක්ස්ෆර්ඩ් සරසවිය පවසන්නේ ළමුන් හට කොරෝනා එන්නත ලබා දීමෙන් පාසැල් ආරක්‍ෂිත බව සහතික කිරීමට සහ පුළුල් ජනගහනය තුළ වෛරසය පැතිරීමට එරෙහිව සටන් කිරීමට ඉවහල් වන බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »