පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

නව නීති හඳුන්වා දීමෙන් පසු අතේ ගෙන යා හැකි මෙට්ල් ඩිටෙක්ටර්ස් මගින් සැක කටයුතු පුද්ගලයන් පරික්ෂා කිරීමට පොලිසියට ඉඩ සැලසෙනු ඇති.

ඩූන්සයිඩ් හි තරුණයෙකු ඝාතනය කිරීම, බොන්ඩායි ජන්ෂන් හි සමූහ පිහි ඇනුම සහ මෙන්ම වේක්ලි දේවස්ථානයක ප්‍රහාරය ඇතුළුව සිඩ්නිහි පිහි ඇනුම් ගනනාවකින් පසු මෙම නීති සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

ඉල්ලා සිටින මෙම පරීක්ෂණය දැනටමත් සංගීත ප්‍රසංග, ක්‍රීඩා තරග, ගුවන් තොටුපොළ වැනි කටයුතුවල සිට මහා පරිමාණ ඉසව්වලදී දැනටමත් භාවිතා වන ආක්‍රමණශීලී නොවන ස්කෑන් පරීක්ෂණයක්.

නිව් සවුත්වේල්ස් පොලිස් සංගමයේ සභාපති කෙවින් මෝටන් ප්‍රකාශ කළේ මෙම පරීක්ෂණ ජනතාව ආරක්ෂිතව තබා ගැනීමේ කොටසක් බවයි.

රාජ්‍ය සේවා සංගමය, සෞඛ්‍ය සේවා සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති මෙම යෝජනාවට සහාය දක්වා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »