දකුණු අප්‍රිකාව AstraZeneca කොවිඩ් එන්නත ලබාදීම අත්හිටුවා ඇති අතර ඒ පිළිබඳ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති අදහස් දක්වයි!

දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොවිඩ් මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා.

එරටින් හමුවූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව AstraZeneca එන්නත වෙනුවට , Johnson & Johnson සහ Pfizer සමාගම් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බව දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් AstraZeneca එන්නත එක්සත් රාජධානියෙන් හමුවූ නව එන්නත් ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත අතර Pfizer-BioNTech එන්නත ද නව වෛරස් ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවට ද හෙළි වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසන්නේ ඉක්මනින් නිකුත් කිරීමට නියමිත කොරෝනා වයිරස් එන්නතෙහි ඵලදායීතාවය පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය නොවන බවයි.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ AstraZeneca එන්නත ඉවත් කිරීම නවතා දමා තිබියදීත්, එක්සත් රාජධානියේ කැපී පෙනෙන සාර්ථක ප්‍රතිඵල වාර්තා කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු බලධාරීන් එය අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »