Day: February 9, 2021

මෙල්බන් හොලිඩේ ඉන් හෝටලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වේ.

මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලයේ දින 14 ක නිරෝධායනය සම්පූර්ණ කිරීමෙන් දින දෙකකට පසු කාන්තාවක් කොරෝනා පරීක්‍ෂාව සඳහා ධනාත්මක බව වාර්තා වී ඇති අතර එම හෝටලයේම ආහාරපාන සපයන​ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත​. සෞඛ්‍ය අමාත්‍ය මාටින් ෆෝලි පැවසුවේ මෙම ආසාදිතයින් දෙදෙනා අද දින වාර්තා වූ නව සිද්ධීන් වන බවයි. මෙම සිද්ධීන්ට අදාලව සමීප සම්බන්ධතා හඳුනා ගනිමින් පවතින අතර ඔවුනට දින 14ක ස්වයං හුදකලා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් දෙමින් සිටී. මේ අතර පසුගිය

Read More »

කොවිඩ් පාලනයට දැඩි නීති ගෙනෙන ටස්මේනියානු ප්‍රාන්තයේ 2021 Royal Hobart Regatta උළෙල සමරපු ආකාරය​..

ටස්මේනියානු ප්‍රාන්තයේ හෝබර්ට් නුවර පසුගිය 6 වනදා සිට 8වනදා දක්වා පැවැත්වූ 2021 Royal Hobart Regatta උළෙල ඉතා සාර්ථක අන්දමින් සමරූ බවට සඳහන් වේ. මෙම උත්සවය 1838 සිට මේ දක්වා වාර්‍ෂිකව පවත්වනු ලැබූ අතර මේ වසරේ 183 වන වරට River Derwent සහ​ Queens Domain යන ප්‍රදේශයන්හි දින 3ක් අඛණ්ඩව මෙම උළෙල පැවැත්වීය​. මෙම උත්සවයේ ආකර්‍ෂණීය අවස්ථාවන් කීපයක් පහතින් දැක්වේ. (Story and images credits: Ravi Harshana Kekirawa, Hobart)

Read More »

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත විය හැක්කේ කවදාදැයි ෆෙඩරල් රජය අනාවරණය කරයි.

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත විය හැක්කේ කවදාදැයි ෆෙඩරල් රජය අනාවරණය කරයි. ලබන වසරේ එනම් 2022 දී ෆෙඩරල් රජය විසින් ඕස්ට්‍රේලියාවේ දේශසීමා බොහෝවිට​ නැවත විවෘත කළ හැකි අතර නිරෝධායන රහිත ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීමට ඉඩ දෙනු ඇති බවට සඳහන් වේ. ලබන වසරේ ජාත්‍යන්තර සංචාරකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවට​ සංචාරක අමාත්‍ය Dan Tehan මාධ්‍ය හමුවකදී තම අදහස් ප්‍රකාශ කර ඇත​. ඉදිරි සතිවලදී කොරෝනා එන්නත් කිරීම ආරම්භ වන විට එක් එක් පුද්ගලයාට එන්නත ලබා ගත්

Read More »

දකුණු අප්‍රිකාව AstraZeneca කොවිඩ් එන්නත ලබාදීම අත්හිටුවා ඇති අතර ඒ පිළිබඳ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති අදහස් දක්වයි!

දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොවිඩ් මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා. එරටින් හමුවූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව AstraZeneca එන්නත වෙනුවට , Johnson & Johnson සහ Pfizer සමාගම් නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බව

Read More »

මහ බැංකු වාර්තා වලට අනුව​ ලංකාවේ පුද්ගලයෙකු ලෝකයට ණය වී ප්‍රමාණය රුපියල් ලක්‍ෂ 6 ඉක්මවයි!

2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක සඳහන් වනවා. මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ‌ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වනවා. මේ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී දැක්වෙන අගයයට අනුව ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 669,981 ක් වනු ඇත. මෙයින් රු. 291,133

Read More »