මෙල්බන් හොලිඩේ ඉන් හෝටලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වේ.

මෙල්බන් හි හොලිඩේ ඉන් හෝටලයේ දින 14 ක නිරෝධායනය සම්පූර්ණ කිරීමෙන් දින දෙකකට පසු කාන්තාවක් කොරෝනා පරීක්‍ෂාව සඳහා ධනාත්මක බව වාර්තා වී ඇති අතර එම හෝටලයේම ආහාරපාන සපයන​ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත​.

සෞඛ්‍ය අමාත්‍ය මාටින් ෆෝලි පැවසුවේ මෙම ආසාදිතයින් දෙදෙනා අද දින වාර්තා වූ නව සිද්ධීන් වන බවයි.

මෙම සිද්ධීන්ට අදාලව සමීප සම්බන්ධතා හඳුනා ගනිමින් පවතින අතර ඔවුනට දින 14ක ස්වයං හුදකලා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් දෙමින් සිටී.

මේ අතර පසුගිය සති අන්තයේ වාර්තා වූ කොරෝනා ආසාදිත හෝටල් සේවකයා හට එක්සත් රාජධානියේ පැතිරෙන නව කොරෝනා වයිරස් ප්‍රභේදය වැළඳී ඇති බවට තහවුරු වී ඇත​.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »