මෙල්බන් හි තවත් හෝටල් නිරෝධායන සේවකයෙකු හට කොරෝනා ආසාදනය වේ. ඇය ගිය ස්ථාන අතරේ Dan Murphy’s වෙළඳසැලක්!

මෙල්බර්න් හි හෝටල් නිරෝධායන සේවකයෙකු කොරෝනා වයිරසයට ධනාත්මක බව පරීක්ෂා කර ඇත.

මෙම කාන්තාව මෙල්බර්න් ගුවන්තොටුපලේ නිවාඩු නිකේතනයේ බලයලත් නිලධාරිනියක් ලෙස සේවය කරන බව වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.

පෙබරවාරි 4 වන බ්‍රහස්පතින්දා ඇය කොරෝනා පරීක්‍ෂාවක් සිදු කල ද එය ඍණාත්මක ප්‍රතිඵලයක් ලබා දී ඇති අතර ඇය ඉරිදා දින සිය සේවයේ නිරත වන විට නැවතත් රෝග ලක්‍ෂණ ඉස්මතු වී ඇති බැවින් කොරෝනා පරීක්‍ෂණයක් සිදු කොට ඇත​. මෙහිදී ඇය කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගෙන ඇත​.

ඇයව සම්මුඛ පරීක්ෂණයට ලක් කර ඇති අතර පූර්ණ මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සිදු කිරීමට රජය කටයුතු සලසා ඇත​.

ඒ අනුව​, පහත නිරාවරණ ස්ථානයන් සඳහා නිශ්චිත කාලවලදී ඔබ ගොස් ඇතිනම්වහාම හුදකලා වී කොරෝනා සඳහා පරීක්‍ෂා කර දින 14 ක් හුදෙකලා විය යුතුය.

පෙබරවාරි 5 වන සිකුරාදා
Marciano’s Cakes: Maidstone – උදේ 9:45 – 10:25
Dan Murphy’s: Sunshine – සවස 5:50 – සවස 6:30

පෙබරවාරි 6 සෙනසුරාදා
Off Ya Tree Watergardens: Taylors Lakes: ටේලර් විල් – ප.ව. 1:17 – ප.ව. 1:52
Dan Murphy’s: Sunshine – සවස 6:50 – රාත්‍රී 7:30

මෙම​ කාන්තාව ගිය ස්ථාන යාවත්කාලීන කිරීම් හැකි ඉක්මනින් ලබා දෙන බව DHHS පැවසීය: https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks-covid-19

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »