Day: February 8, 2021

හිටපු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන්නැයි පාස්කු කොමිෂන් සභාවෙන් නිර්දේශයක්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර සිටී. හිටපු ජනාධිපති සහ අගමැතිවරයා අමතරව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට එරෙහිව

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නැවතත් කොරෝනා රෝගියෙකු වාර්තා වන අතර ඔවුන් ගිය තැන් පහත දැක්වේ.

ඉරිදා රාත්‍රියේ ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණි සංචාරකයෙකු තම නිරෝධායන කාලය අවසන් කල තම නිවසට ගිය පසු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත​. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය එම පුද්ගලයා හා සම්බන්ධ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් සිටින අතරේ අනාවරණ​ ස්ථාන ලැයිස්තුවක් නිව් සවුත් වේල්ස් රජය​ විසින් නිකුත් කර තිබේ. සිඩ්නි හි හෝටල් නිරෝධායනයෙන් නිදහස් වී දින දෙකකට පසු මොහු කොරෝනා වයිරසයට ධනාත්මක බව සොයා ගෙන ඇත​. 16 වන දින පරීක්ෂණයෙන් ලද ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව දැනුම් දීමට පෙර මෙම පුද්ගලයා

Read More »

මෙල්බන් හි තවත් හෝටල් නිරෝධායන සේවකයෙකු හට කොරෝනා ආසාදනය වේ. ඇය ගිය ස්ථාන අතරේ Dan Murphy’s වෙළඳසැලක්!

මෙල්බර්න් හි හෝටල් නිරෝධායන සේවකයෙකු කොරෝනා වයිරසයට ධනාත්මක බව පරීක්ෂා කර ඇත. මෙම කාන්තාව මෙල්බර්න් ගුවන්තොටුපලේ නිවාඩු නිකේතනයේ බලයලත් නිලධාරිනියක් ලෙස සේවය කරන බව වික්ටෝරියා සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි. පෙබරවාරි 4 වන බ්‍රහස්පතින්දා ඇය කොරෝනා පරීක්‍ෂාවක් සිදු කල ද එය ඍණාත්මක ප්‍රතිඵලයක් ලබා දී ඇති අතර ඇය ඉරිදා දින සිය සේවයේ නිරත වන විට නැවතත් රෝග ලක්‍ෂණ ඉස්මතු වී ඇති බැවින් කොරෝනා පරීක්‍ෂණයක් සිදු කොට ඇත​. මෙහිදී ඇය කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගෙන

Read More »

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් සහතික ස්මාර්ට් දුරකතන හරහා නිකුත් කිරීමට නියමිතයි!

ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා එන්නත ලබා ගත් පසු ඒ බවට සහතිකයක් තම ස්මාර්ට් දුරකතන මඟින් හෝ දෘඩ පිටපත් ලෙස ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන ඇත​. මෙම සහතික නිකුත් කිරීමේ වැඩසටහන සඳහා අදාල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියේදී සිදු කිරීමට ෆෙඩරල් රජය සැරසේ. ඒ අනුව, මේ සඳහා ඉදිරි සති කිහිපය තුල අපේක්ෂිත අනුමැතිය ලබා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වනු ඇත​. මෙහිදී Express Plus Medicare app සහ MyGov app හරහා එන්නත

Read More »