නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නැවතත් කොරෝනා රෝගියෙකු වාර්තා වන අතර ඔවුන් ගිය තැන් පහත දැක්වේ.

ඉරිදා රාත්‍රියේ ඕස්ට්‍රේලියාවට ආපසු පැමිණි සංචාරකයෙකු තම නිරෝධායන කාලය අවසන් කල තම නිවසට ගිය පසු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත​.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය එම පුද්ගලයා හා සම්බන්ධ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් සිටින අතරේ අනාවරණ​ ස්ථාන ලැයිස්තුවක් නිව් සවුත් වේල්ස් රජය​ විසින් නිකුත් කර තිබේ.

සිඩ්නි හි හෝටල් නිරෝධායනයෙන් නිදහස් වී දින දෙකකට පසු මොහු කොරෝනා වයිරසයට ධනාත්මක බව සොයා ගෙන ඇත​.

16 වන දින පරීක්ෂණයෙන් ලද ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව දැනුම් දීමට පෙර මෙම පුද්ගලයා වොලොංගොං සහ අවට ප්‍රදේශවල ස්ථාන ගණනාවකට මෙන්ම ගිනිකොනදිග සිඩ්නි හි Brighton Le Sands හි ආපන ශාලාවකටද ගියේය.

පහතින් එම නිරාවරණ ස්ථාන 11 දැක්වේ.

ඔබ පහත දැක්වෙන ස්ථාන වෙත ගොස් ඇත්නම්, කොරෝනා ප්‍රතිඵලය නොසලකා ඔබ වහාම පරීක්ෂා කර දින 14 ක් ස්වයං හුදකලා විය යුතුය:

Headlands Hotel Austinmer Beach, Austinmer පෙබරවාරි 2 වන දින දහවල් 1 සිට 3 දක්වා

Bulli Beach Café, Bulli පෙබරවාරි 6 වන දින දහවල් 1.30 සිට සවස 4 දක්වා

ඔබ පහත දැක්වෙන ස්ථාන වෙත ගොස් ඇත්නම්, ඔබට ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් ඔබ වහාම පරීක්ෂා කර ස්වයං හුදකලා විය යුතුය. කිසියම් රෝග ලක්ෂණයක් පෙනේ නම්, නැවත පරීක්ෂා කරන්න.

Mootch and Me, Brighton Le Sands පෙබරවාරි 2 වන දින පෙ.ව. 10:54 සිට රාත්‍රී 12 දක්වා
Officeworks, Fairy Meadow පෙබරවාරි 4 වන දින සවස 3:45 සිට 4:05 දක්වා සහ පෙබරවාරි 5 වන දින ප.ව. 2:10 සිට 3.10 දක්වා
Optus North Wollongong, Wollongong පෙබරවාරි 4 වන දින දහවල් 1 සිට 1:15 දක්වා

ඔබ පහත සඳහන් ස්ථානවලට සහභාගී වූයේ නම් රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමට මිනිසුන්ට උපදෙස් දෙනු ලැබේ:

Woolworths, Bulli පෙබරවාරි 3 වන බදාදා උදේ 9:50 ත් 10:50 ත් අතර
Corrimal Memorial Park, Corrimal පෙබරවාරි 3 වන දින දහවල් 12 සිට දහවල් 1 දක්වා
Fedora Pasta Factory, Fairy Meadow පෙබරවාරි 5 වන දින සවස 3 සිට 3:35 දක්වා
Figtree Grove Shopping Centre, Figtree( Kmart, Australia Post, Blooms The Chemist, Subway) පෙබරවාරි 4 වන දින පෙ.ව .8.30 සිට උදේ 10 දක්වා
Sublime Point Walking Track, Madden Plains පෙබරවාරි 3 වන දින සවස 3 සිට 4:30 දක්වා

NSW හි නිරාවරණ අඩවි වල සම්පූර්ණ ලැයිස්තුව: https://www.nsw.gov.au/covid-19/latest-news-and-updates