හිටපු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන්නැයි පාස්කු කොමිෂන් සභාවෙන් නිර්දේශයක්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර සිටී.

හිටපු ජනාධිපති සහ අගමැතිවරයා අමතරව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස මෙහිදී නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

කල් තියා අනතුරු අඟවා තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස මෙහිදී ජනාධිපති විමර්ෂණ කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

විදෙස් ආධාර ලබා ගනිමින් අන්තවාදී අදහස් පතුරුවනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව මෙහිදී කොමිසම විසින් සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

එමෙන්ම මෙම කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් පසු අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයාට කතා කොට ඇති බවත් වාර්තාවේ අඩංගු නිර්දේශ කුමක්ද යන්න පිලිබඳ ඉක්මනින් ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවට කරුණු වාර්තා වූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

පසුගියදා පැවති නිදහස් දින උත්සවයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඒ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවටද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »