ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් සහතික ස්මාර්ට් දුරකතන හරහා නිකුත් කිරීමට නියමිතයි! – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් සහතික ස්මාර්ට් දුරකතන හරහා නිකුත් කිරීමට නියමිතයි!

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් සහතික ස්මාර්ට් දුරකතන හරහා නිකුත් කිරීමට නියමිතයි!

ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා එන්නත ලබා ගත් පසු ඒ බවට සහතිකයක් තම ස්මාර්ට් දුරකතන මඟින් හෝ දෘඩ පිටපත් ලෙස ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන ඇත​.

මෙම සහතික නිකුත් කිරීමේ වැඩසටහන සඳහා අදාල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු ඉදිරියේදී සිදු කිරීමට ෆෙඩරල් රජය සැරසේ. ඒ අනුව, මේ සඳහා ඉදිරි සති කිහිපය තුල අපේක්ෂිත අනුමැතිය ලබා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වනු ඇත​.

මෙහිදී Express Plus Medicare app සහ MyGov app හරහා එන්නත ලබා ගත් බවට​ සාක්ෂි සහතික ලබා ගත හැකිය.

සහතිකවල දෘඩ පිටපත් එන්නත් සපයන්නන්ගෙන් හෝ Service Australiaහි වෙබ් අඩවි මඟින් ලබා ගෙන​ මුද්‍රණය කළ හැකිය.

ඕස්ට්‍රේලියානුවන්ට රෝහල්වල සිටින​ වැඩි අවදානම් සහිත රෝගීන් බැලීමට සහ වයස්ගත සත්කාරක නිවාස කරා යාම සඳහා වැඩි නිදහසක් මෙම පියවර මගින් අපේක්ෂා කෙරේ.

ඉදිරි මාස කිහිපය තුළ ඕස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙම එන්නත් සහතික නිකුත් කිරීම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS