වික්ටෝරියානු ප්‍රාන්තය තුල පවතින හදිසි නීතිය තවත් මාස 9ක් දීර්ඝ කිරීමට සැරසේ.

වික්ටෝරියා හි හදිසි නීතිය පිළිබඳ​ පනත 2021 දෙසැම්බර් දක්වා දීර්ඝ​ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීමට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews සැරසේ.

අද දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී Andrews පැවසුවේ හදිසි නීතිය මාස නවයක් දක්වා දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට නීති හඳුන්වා දෙන බව පැවසීය.

එය සම්මත වුවහොත් එය දෙසැම්බර් 15 වනදා තෙක් හදිසි නීතිය වික්ටෝරියානු ප්‍රාන්තය තුල පවතිනු ඇත.

ඔහු තවදුරටත් පැවසූවේ මෙලෙස හදිසි නීති තත්වය වික්ටෝරියානු ප්‍රාන්තය තුල පවත්වා ගෙන යාම ඉතා වැදගත් වන බවයි.

“නීති නොමැතිව අපට අනිවාර්ය නිරෝධායනයක් තිබිය නොහැකි අතර නීතිමය බලයක් නොමැති නම් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි ය​. මෙය නව නීති ගැන නොවේ. එය හුදෙක් වර්තමාන නීති රීති (අනිවාර්ය මුහුණු ආවරණ, COVIDSafe වැඩ සැලසුම් පිළිබඳ නීති) පිළිපැදීම සහ ඒවා ලිහිල් කිරීම පිළිබඳවයි.” ඔහු පැවසීය​.

වික්ටෝරියානු ප්‍රාන්තය තුල 2020 මාර්තු මස සිට මේ වන තෙක්ම හදිසි නීතිය ක්‍රියාත්මක වේ.

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »