ජාතික ගීයේ නිර්මාතෘට හැදූ පාලම ලංකාවට එන්න හැදූ නැවක් නිසා වතුරේ

ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ පබහාලුම් නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

පුද්ගලයන් හත් දෙනෙකු දියේ ගිලී ඇති බවට සහන කණ්ඩායම් සැක කරන අතර පුද්ගලයන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

බැල්ටිමෝර් වටා ඇති ප්‍රධාන අධිවේගී මාර්ගයේ කොටසක් ද වන කිලෝමීටර් 3ක දිගකින් යුත් මෙම පාලම ඊයේ අලුයම කඩා වැටුණේ බහාලුම් රැගෙන යමින් තිබූ නෞකාවක් ගැටීමෙන්.

අනතුරත් සමග පාලමේ ගමන් කරමින් තිබු මෝටර් රථ සහ පුද්ගලයින් 20 දෙනෙකු ගඟට ඇද වැටී තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් බැල්ටිමෝර් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජේම්ස් වොලස් පැවසුවේ මේ වන විට බේරාගෙන ඇති පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර අනෙකා බරපතල තුවාල ලබා නොමැති බවයි.

බැල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් පසු පවතින තත්ත්වය සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව ධවල මන්දිරය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මෙම බිහිසුණු සිදුවීම හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් වෙත කණගාටුව පළ කරන බව එහි සඳහන්.

සෝනාර් තාක්‍ෂණය මගින් මෝටර් රථ ජලයට යටවී ඇති බව හඳුනාගෙන ඇතත් කොපමණ ප්‍රමාණයක් එහි ඇත්ද යන්න තහවුරු වී නැහැ.

මෙම නෞකාව සිංගප්පූරුවේ ධජය සහිත බහාලුම් නෞකාවක් වන ඩාලි ලෙස හඳුනාගෙන ඇති අතර එය ශ්‍රී ලංකාව දක්වා ගමන් ආරම්භ කරමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

නෞකාවේ කපිතන්වරු ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කිසිදු තුවාලයක් හෝ අනතුරක් වාර්තා වී නැහැ.

මෙම අනතුරත් සමග මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් විසින් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2007 වසරේදී මිසිසිපි ගඟට පාලමක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් පසු ඇමරිකාවේ සිදු වූ දරුණුතම පාලම් අනතුර මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඇමරිකාවේ ජාතික ගීය වන ස්ටාර් ස්පැන්ගල්ඩ් බනාර් හි (Star Spangled Banner) රචකයා වූ ෆ්‍රැන්සිස් ස්කොට් කී (Francis Scott Key) නමින් නම් කර ඇති මෙම පාලම විවෘත කර ඇත්තේ 1977 වසරේදී යි.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »