බංග්ලාදේශයට එරෙහිව කමිඳු සහ ධනංජය ලෝක වාර්තා අලුත් කරයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීම තම දෙවන ශතකය ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්වුණා.

ඔහු පළමු ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදී මෙම ශතකය වාර්තා කලේ අංක හත හෝ ඊට පහළින් පන්දුවට පහරදීමට පැමිණ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

කමිඳු මෙන්ඩිස් අද තම දෙවන ටෙස්ට් ශතකය වාර්තා කලේ පන්දු 171කකට මුහුණ දෙමින්.

දැවී යන විට ලකුණු 164ක් ලබා සිටි ඔහුගේ එම ලකුණු අතරට හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 16ක් ඇතුලත් වුණා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 280ක් රැස්කළ අතර බංගලාදේශය පළමු ඉනිමට රැස්කළේ 188ක් පමණයි. පළමු ඉනිමේදී ද කමිඳු මෙන්ඩිස් ලකුණු සහ ධනංජය ද සිල්වා ලකුණු 102 බැගින් රැස් කළා.

ඔස්ට්‍රේලියාවට එරෙහිව 2022 වසරේ ටෙස්ට් වරම් හිමිකර ගත් කමිඳු ක්‍රීඩා කරන දෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය මෙයයි.

දෙවන ඉනිමේදී නායක ධනංජය ද සිල්වා ලකුණු 108ක් රැස් කළ අතර එය ඔහුගේ 12 වන ටෙස්ට් ශතකය ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ.

කමිඳු මෙන්ඩිස් ඉතිහාසයට එක් වන්නේ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අංක 07 හෝ ඉන් පසු පන්දුවට පහරදීමට පැමිණ ඉනිම් දෙකේදීම ශතක ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසින්.

ඒ අනුව ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක රැස් කළ ලොව තෙවැනි පිතිකරු යුගළය බවට පත්වීම ද විශේෂත්වයක්.

1974 වසරේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයක දී ඉනිම් දෙකේදීම ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් මෙම වාර්තාවේ පළමු හිමිකරුවන් බවට පත් වුණා.

අනතුරුව එවැනි දස්කමක් දැක්වූ දෙවැනි පිතකරුවන් යුගළය බවට පත්වූයේ පාකිස්ථාන ක්‍රීඩකයින් වන අසාර් අලි සහ මිස්බා උල් හක් යන දෙදෙනායි. ඒ, 2014 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේදී ම ශතක රැස්කරමින්.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ අද දිනය නිමා වන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා.

ඔවුන් තරගයේ ජය සඳහා තවත් ලකුණු 464ක් ලබා ගත යුතුයි.

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »