ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන ලහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඔහු ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී ලොරියක මුහුණට මුහුණලා ගැටීමෙන් අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ලහිරු තිරිමාන්නට අමතරව මෝටර් රථයේ ගමන් කළ තවත් තුන්දෙනෙකු, ලොරියේ රියදුරා සහ එහි සිටි තවත් අයෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුලත් කෙරුණා.

අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ඔහුට නින්දයෑමත් සමග ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටී ඇතැයි සඳහන්.

අද (14) උදෑසන 7.45ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ ලහිරු තිරිමාන්න, ඔහුගේ පවුලේ අය සහ ලොරි රථ රියදුරා ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

ඒ අතර ලහිරු තිරිමාන්නගේ මව සහ රියැදුරා ද වන බව සඳහන්.

මෙම අනතුරින් තිරිමාන්න ගමන් ගත් මෝටර් රථයට සහ ලොරි රථයට ද දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ලහිරු තිරිමාන්නට බරපතල තුවාල සිදුව නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ක්‍රිඩක ලහිරු තිරිමාන්න ඇතුළු පිරිස මහනුවර සිට අනුරාධපුරයට එමින් සිටියදි මෙලෙස අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »