පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා බංග්ලාදේශය විශිෂ්ට ජයක් ලබයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනිමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

දෙරට අතර මෙම තරගය පැවැත්වුණේ චැටෝග්‍රම් හිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 255ක් රැස් කළා.

ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Shoriful Islam, Taskin Ahmed සහ Tanzim Hasan Sakib ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක නජ්මුල් හුසේන් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කරමින් නොදැවි ලකුණු 122ක් ලබා ගත්තා. ඒ හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් සමගින්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින තරගය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »