නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙසට ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

තරගය පැවැත්වුණේ ක්‍රයිස්චර්ච්හිදීයි.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සියලුදෙනා දැවි ලකුණු 162ක් රැස් කළා.

ඔස්ට්‍රේලියා පළමු ඉනිම සියලු දෙනා දැවි 256යි.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්තය ලකුණු 372ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට දෙවන ඉනිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 279ක්.

කඩුලු 7ක් පමණක් දැවී එම ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට හැකියාව ලැබුණා.

නවසීලන්තය සමග පැවති තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලිය 3ට බින්දුවක් ලෙසට ජය ගත්තේ ද ඔස්ට්‍රේලියාවයි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »