ඔබේ දරුවා පාසලට යැවීම සඳහා ඕස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික නගර ලැයිස්තුව මෙන්න​.

ඔබේ දරුවා පාසලට යැවීම සඳහා ඕස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික නගර ලැයිස්තු ගත කර ඇත.

මෙම නව පර්යේෂණ මගින් රටේ පාසල් අධ්‍යාපනය සඳහා වඩාත්ම මිල අධික නගර අනාවරණය කර ඇති අතර එක් නගරයක සාමාන්‍ය අගය අනෙක් නගර හා සාපේක්‍ෂව ඉතා ඉහල අගයක් ගැනීම සුවිශේෂී විය​.

ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ සිඩ්නි වන අතර, එහි Harbour City හි වෙසෙන දරුවෙකුට​ රජයේ නිදහස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඇස්තමේන්තු කර ඇති පරිදි 2021 දී පාසල් සමය​ ආරම්භ කරන දරුවෙකු සඳහා වසර 13 ක කාලයක් තුළ ඩොලර් 90,122 ක් වැය වනු ඇති බවයි.

එනම්, ඔබ දරුවා සිඩ්නි නුවර පාසලකට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වනවා නම් ජාතික වශයෙන් වාර්තා වන සාමාන්‍ය අගය වන ඩොලර් 81,823 යන අගයට වඩා 10% වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ.

Futurity Investment Group විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව, දරුවෙකු මෙල්බර්න් හි පාසලකට යැවීමට ඩොලර් 86,737 ක්, ඇඩිලේඩ් හි ඩොලර් 83,681 ක්, පර්ත්හි ඩොලර් 74,369 ක් සහ බ්‍රිස්බේන් හි ඩොලර් 73,159 ක් වියදම් කිරීමට දෙමාපියනට සිදු වේ.

“මෙම සංඛ්‍යා දෙස බලන විට ඕස්ට්‍රේලියාවේ නිදහස් අධ්‍යාපනයක් නොමැත” යැයි Futurity Investment සමූහයේ විධායක කේට් හිල් පැවසීය.

මෙලෙස පිරිවැය ගණනය කිරීමේදී බදු, නිල ඇඳුම්, තාක්‍ෂණ උපකරණ​, පෙළ පොත්, විනෝද චාරිකා, කඳවුරු චාරිකා සහ ප්‍රවාහනය ඇතුළත් කොට ඇත​.

ස්වාධීන පාසල් අධ්‍යාපනය සඳහා වඩාත්ම මිල අධික නගරය සිඩ්නි ලෙස පවතින අතර, දරුවෙකුගේ අධ්‍යාපන කාලය තුළ ඩොලර් 448,000 ක ඇස්තමේන්තුගත පිරිවැයක් දැරීමට සිදු වනු ඇත.

එය ජාතික සාමාන්‍ය ඩොලර් 260,000 හා සසඳන විට ඉතාමත් වැඩි අගයකි.

කතෝලික අධ්‍යාපනය සඳහා වඩාත්ම මිල අධික නගරය බ්‍රිස්බේන් ලෙස අපේක්‍ෂා කර ඇති අතර එම අගය ඩොලර් 154,000කි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »