ඕස්ට්‍රේලියාවේ වාහනේ ඉඳලා බායි කිව්වත්, නලා ශබ්ද කරත් පොලීසියෙන් දඩ ලැබෙන බව දන්නවාද​?තවත් ඔබ නොසිතන මාර්ග නීති කීපයක්!

ඔබත් ඕස්ට්‍රේලියාවේ නිවාඩු ගත කල තම හිතමිතුරන් ගෙන් වෙන්ව යන විට මෝටර් රථයේ නලාව නාද කර අත වනමින් සමු දෙන්නේද​? එසේනම්, ඔබට ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තයන්හි පොලීසිය විසින් දඩ මුදලක් නියම වීමට පුළුවනි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙලෙස අනවශ්‍ය ලෙස තම වාහනයේ නලාව නාද කලහොත් අනතුරු ඇඟවීමේ උපාංගය අනවශ්‍ය ලෙස භාවිතා කිරීම යන නීති කඩ කිරීම යටතේ ඩොලර් 349 නියම කිරීමට පොලීසියට හැකි වේ.

තවද​, අනවශ්‍ය ලෙස ශරීරයේ කොටස් වාහනයෙන් පිටතට නිරාවරණය කිරීමේ අවදානම නිසා අත වනමින් සමු දීමේදී තමා හට ඩොලර් 349ක දඩ මුදලක් විඳීමට සිදු වනු ඇත​.

මෙලෙස ඔබ නොදන්නා තවත් නීතියක් ලෙස වාහනයේ පුද්ගලයෙකු රහිතව එන්ජිම ක්‍රියාත්මක කර තැබීම ඕස්ට්‍රේලියාව තුල නීති කඩ කිරීමක් ලෙස සැලකේ.

මේ, ග්‍රීෂ්ම ඍතුවේ අධික උණුසුම් කාලගුණය හමුවේ බොහෝ පිරිස් මෙලෙස තම මෝටර් රථයේ එන්ජිම පණ ගන්වා තැබීමට උනන්දුවක් දක්වයි. මෙවැනි අවස්ථාවකදී ඔබ වාහනයට මීටර් කිහිපයක් දුරින් සිටීමට වග බලා ගැනීම සුදුසුය​.

නැතහොත්, පොලීසිය විසින් එම ක්‍රියාව “නොසැලකිලිමත්” ලෙස සලකා ඒ සඳහා දඩ මුදලක් නියම කිරීමට හැකිවේ. ඩොලර් 349 ක දඩය සැලසුම් කර ඇත්තේ අවස්ථාවාදී සොරකම් වැළැක්වීම සඳහා ය.

වාහනයක්නවතා තැබීමේදී නොසැලකිලිමත් ලෙස​ දොරවල් අගුළු නොදැමීම හෝ මෝටර් රථයක ජනේල සුරක්‍ෂිත නොකිරීම නිසාද​ ඩොලර් 116 ක දඩයක් ගෙවීමට සිදු වනු ඇත​.

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »