
ඕස්ට්‍රේලියාවේ කුණු ලොරියක ගැටී කුඩා දරුවෙකු ජීවිතක්‍ෂයට!
ටස්මේනියානු ප්‍රාන්තයේ වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු කුණු ලොරියක ගැටීමෙන් මිය ගොස් ඇති බවට වාර්තා වී ඇත. මෙම සිදුවීම සිදුව ඇත්තේ ටස්මේනියාවේ Launceston හි උතුරේ පිහිටි Newnham ප්‍රදේශයේය. මෙම අවාසනාවන්ත සිදුවීම වන අවස්ථාවේදී එම දරුවා තම බයිසිකලය පදිමින් සිටිය බව සඳහන්. ටස්මේනියානු පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්‍ෂණ සිදු කරමින් සිටී.