ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් වාර්තා වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් වාර්තා වේ.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් වාර්තා වේ.

ඩෙන්මාර්කය, ජර්මනිය ඇතුළු රටවල පැතිර යන වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත තවත් කොරෝනා වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ වාර්තා වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය වන්දිම ජීවන්දර මහතා මේ බව තහවුරු කර ඇත​.

මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ඇති බවත් මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයන්ට වඩා වෙනස් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරීක්ෂණාගාරය තුළ දීර්ඝව පරීක්ෂණ පවත්වන බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ.

COMMENTS