කෝල්ස් සුපිරි වෙළඳසැල ඉතා අඩු මිලට iPhone 8s ජංගම දුරකතන​ විකිණීමට සූදානම්!

කෝල්ස් සහ බූස්ට් මොබයිල් සමාගම් එක්ව ඇපල් iPhone 8s නැමති නවීකරණය කල ජංගම දුරකතන ඩොලර් 359 වැනි ඉතා අඩු මිලකට විකිණීමට සූදානම් වේ. ඒ අනුව, මෙම ජංගම දුරකතන අද (27) සිට ඕස්ට්‍රේලියාව පුරා කෝල්ස් වෙළඳ සැල් වල විකිණීමට ඇත​.

පසුගිය වසරේ අගභාගයේදී ද කෝල්ස් විසින් නවීකරණය කරන ලද ඇපල් අයිෆෝන් 7s නැමති ජංගම දුරකතන ඩොලර් 300 ට වඩා අඩු මුදලකට අලෙවි කළේය. ඉහළ ඉල්ලුම හේතුවෙන් එම උපාංග සියල්ල​ පැය කිහිපයකින් විකිණී අවසන් වී ඇති බවට සඳහන්.

iPhone 8s ජංගම දුරකතන මිලදී ගන්නා ඔබට ඩොලර් 10 ක පෙරගෙවුම් සිම්පතක්, මාස 12 ක වගකීමක් සහ දින 30 ක තෘප්තිමත් සහතිකයක් ද ලැබෙනු ඇත​.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »