දෙවන T20 තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන T20 තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරගය පැැවත්වුණේ ශිල්හෙට්හිදීයි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 37ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බංග්ලාදේශයේ මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත තරගාවලිය සම මට්ටමේ පවතිනවා.

දෙරට අතර අවසන් T20 තරගය ලබන 9 වනදා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ජය වෙනුවෙන් කණ්ඩායම් දෙකටම එම තරගයේ ජය ඉතා වැදගත් වනු ඇති.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »