ඕස්ට්‍රේලියාව නවසීලන්තය සමඟ පැවති සංචාරක බුබුල පැය 72 කට අත් හිටුවා ඇත​.

නවසීලන්ත​-ඕස්ට්‍රේලියානු සංචාරක බුබුල ඉදිරි පැය 72ක කාලයකට තාවකාලිකව නවතා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බවට සඳහන් වේ. මෙයට හේතු වී ඇත්තේ වඩාත් බෝවීමේ හැකියාවක් ඇති දකුණු අප්‍රිකානු කොරෝනා වයිරස් ප්‍රභේදය වැළඳි කාන්තාවක් නවසීලන්තයෙන් වාර්තා වීමත් සමඟය​.

මේ අනුව​, ඉදිරි පැය 72 තුළ නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ට අනිවාර්ය හෝටල් නිරෝධායනයකට යා යුතුය.

තවද​, ජනවාරි 14 හෝ ඊට පසු දිනක​ නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි ඕනෑම අයෙකුට COVID-19 පරීක්ෂණයක් ලබාගෙන ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තුරු ස්වයං හුදකලා විය යුතු වේ.

නවසීලන්ත බලධාරීන් පැවසුවේ 56 හැවිරිදි මෙම නවසීලන්ත කාන්තාව​ නිරෝධායනය වෙමින් සිටි හෝටලයේ සිටි කොරෝනා වැළඳි රෝගියෙකුගෙන් ආසාදනය වී ඇති බවට සැක කරන බවයි.

නිරෝධායනයෙන් ඉවත්වීමට පෙර ඇය කොරෝනා කොරෝනා සඳහා පරීක්‍ෂණ දෙකක් සිදු කලද ඒවා සඳහා ඍණාත්මක ප්‍රතිඵල ලැබුණු අතර, ඇය නිරෝධායනය වීමෙන් පසු උතුරු නවසීලන්තයේ කැෆේ, බාර් සහ සාප්පු වැනි ස්ථාන 30 කට පමණ සහභාගී වී ඇති බව සඳහන් වේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »