Day: January 25, 2021

PFIZER

ඕස්ට්‍රේලියාවේ භාවිතා කිරීම සඳහා ෆයිසර් COVID-19 එන්නත අනුමත කරයි.

ඕස්ට්‍රේලියාවේ භාවිතා කිරීම සඳහා ෆයිසර් COVID-19 එන්නත අනුමත කරයි. ෆයිසර් COVID-19 එන්නත ඕස්ට්‍රේලියාවේ භාවිත කිරීම සඳහා තාවකාලිකව අනුමත කර ඇති බව චිකිත්සක භාණ්ඩ පරිපාලන කාර්‍යාලය​ (TGA) තහවුරු කර තිබේ. ඕස්ට්‍රේලියාව තුල භාවිතයට සුදුසු බවට අනුමැතිය ලබාගත් පළමු එන්නත මෙය වේ. ෆයිසර් එන්නත “ඕස්ට්‍රේලියාවේ භාවිතය සඳහා අවශ්‍ය ඉහළ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ගුණාත්මක ප්‍රමිතීන්” සපුරාලීමට සමත් වී ඇති බවට TGA තීරණය කළේය. මෙම එන්නත මාත්‍රා 2කින් සමන්විත වන අතර TGA විසින් උපදෙස් දී ඇති පරිදි පළමුව මෙම

Read More »

ඕස්ට්‍රේලියාව නවසීලන්තය සමඟ පැවති සංචාරක බුබුල පැය 72 කට අත් හිටුවා ඇත​.

නවසීලන්ත​-ඕස්ට්‍රේලියානු සංචාරක බුබුල ඉදිරි පැය 72ක කාලයකට තාවකාලිකව නවතා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බවට සඳහන් වේ. මෙයට හේතු වී ඇත්තේ වඩාත් බෝවීමේ හැකියාවක් ඇති දකුණු අප්‍රිකානු කොරෝනා වයිරස් ප්‍රභේදය වැළඳි කාන්තාවක් නවසීලන්තයෙන් වාර්තා වීමත් සමඟය​. මේ අනුව​, ඉදිරි පැය 72 තුළ නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ට අනිවාර්ය හෝටල් නිරෝධායනයකට යා යුතුය. තවද​, ජනවාරි 14 හෝ ඊට පසු දිනක​ නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි ඕනෑම අයෙකුට COVID-19 පරීක්ෂණයක් ලබාගෙන ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තුරු ස්වයං හුදකලා

Read More »

සුලෝහිතයන් ගේ නවසීලන්ත සටනෙන් ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්!

ඊයේ ඕක්ලන්ඩ් හි එලස්ලි ක්‍රිකට් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැත්වූ ආනන්ද -නාලන්ද “සුලෝහිත සංග්‍රාම​” ක්‍රිකට් තරඟයෙන් ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විශිෂ්ඨ ජයක් වාර්තා කරයි. එහිදී අනන්ද ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ගයාන් ප්‍රියදර්ශන පන්දු රැකීමකදී තම අතේ ඇඟිල්ලක අස්ථි බිඳීයාමකට ලක් වූවත් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් මොහොත වන තෙක් සටන් කිරීම සුවිශේෂී විය​. පහතින් එම තරඟයේ ලකුණු සටහන දැක්වේ.

Read More »

Google සමාගමෙන් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්!

Google සමාගමෙන් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්! ප්‍රවෘත්ති පළ කරන සමාගම්වලට Google සහ Facebook වැනි සමාගම් කර්තෘ භාගය ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු රජය‌ විසින් නීතියක් ගෙන ඒමට සූදානම් වෙමින් සිටී. මෙම නීතිය ක්‍රියාත්මක කළහොත් එවැනි නීතියක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට ඔස්ට්‍රේලියාව පත් වනු ඇති. මේ හේතුවෙන් ගූගල් සමාගම ඔස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. එහෙත් ඊට විරෝධය පළ කරන අදාළ ඇමෙරිකානු සමාගම් අනතුරු අඟවා ඇත්තේ, සිය ඇතැම් සේවා ඔස්ට්‍රේලියාව තුළ අත්හිටුවන බවයි. කෙසේ වෙතත්, සිය පාර්ලිමේන්තු

Read More »