මෙම මුව ආවරණ මාර්ග රීතිය මඟින් ඔබට ඩොලර් 350 ක දඩ මුදලක් අත් විය හැකියි. එබැවින් මේ පිළිබඳ සැලකිලිමත් වන්න.

මෙම මුව ආවරණ මාර්ග රීතිය මඟින් ඔබට ඩොලර් 350 ක දඩ මුදලක් අත් විය හැකියි. එබැවින් මේ පිළිබඳ සැලකිලිමත් වන්න.

සමහර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තවල රියදුරන්ට මුව ආවරණ සඳහා අදාළ විය හැකි මාර්ග නීතියක් හේතුවෙන් ඩොලර් සිය ගණනක් දඩ මුදල් අය කිරීමේ අවදානමක් ඇත.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්තයේ සමහර ස්ථානයන් හි මුව ආවරණ පැළඳීම​ අනිවාර්ය වේ. එවැනි ස්ථානයක මුව ආවරණයක් පැළඳ නොසිටින ඕනෑම කෙනෙකුට දඩයකට යටත් වේ.

මෙවැනි අවස්ථාවන්ට අමතරව මෝටර් රථයේ ගමන් ගන්නා විටද මුව ආවරණ නිසා තමාට දඩ මුදලක් නියම විය හැකිය​.

මෝටර් රථයක පසුපස දර්ශන පිරික්සීමට භාවිත කරන​ කැඩපතේ තම මුව ආවරණ එල්ලා තැබීම, මෝටර් රථ හිමියන්ට දඩයක් සහ ඩීමෙරිට් ලකුණු අහිමි වීමට හේතු වන බව වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරන්ට ඩොලර් 349 ක් දක්වා දඩයක් සහ බාධාකාරී දෘෂ්ටියකින් රිය පැදවීම සඳහා ඩීමෙරිට් ලකුණු තුනක් අඩු වේ.

ක්වීන්ස්ලන්තයේ සහ වික්ටෝරියා හි නීතිය කඩ කළ මෝටර් රථ හිමියන්ට ඩීමෙරිට් ලකුණක් අහිමි නොවූවද​ පිළිවෙලින් ඩොලර් 311 ක් හෝ ඩොලර් 248 ක දඩ මුදලක් අය කළ හැකිය.

ක්වීන්ස්ලන්තයේ Royal Automobile Club (RACQ) ප්‍රකාශක ලෝරන් රිචී පැවසුවේ පසුපස දර්ශන පිරික්සීමට භාවිත කරන​ කැඩපතේ මුව ආවරණ එල්ලීම ආරක්ෂිත නොවන බවයි.

“රියදුරන්ට සෑම කෝණයකින්ම මාර්ගය පිළිබඳ පැහැදිලි දැක්මක් තිබිය යුතු අතර එමඟින් ඔවුන්ට වෙනත් කාර්, පදිකයින් සහ පාපැදි කරුවන් පහසුවෙන් හඳුනාගත හැකිය” යනුවෙන් ඇය පැවසුවාය.

“විශේෂයෙන් ඔබ අධිවේගී මාර්ගවල හෝ කාර්යබහුල මාර්ගවල ගමන් කරන්නේ නම්. ඔබේ දර්ශනය අවහිර කළ හැකි කිසිවක් ඔවුන්ගේ කැඩපතෙහි එල්ලා නොතිබිය යුතුය, එයට ඔබේ මුව ආවරණයද ඇතුළත් වේ.” ඇය තවදුරටත් පැවසුවාය.

(7News)

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »