වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද ඇරඹේ!

වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද ඇරඹේ!

වික්ටෝරියානුවන්ට තම ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශයන් ගවේෂණය කිරීමට දිරිගැන්වීම සඳහා ඩොලර් 200 ක කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය අද උදේ 10 සිට ආරම්භ වීමට නියමිතයි.

වවුචර 40,000 කින් යුත් පළමු වටය දෙසැම්බර් මැද භාගයේදී ආරම්භ වූ අතර පැයකටත් අඩු කාලයකදී සියලුම වවුචර්පත් අවසන් වූ බව වාර්තා වේ.

බදාදා උදේ 10 සිට වික්ටෝරියානුවන්ට කලාපීය සංචාරක වවුචර නිකුත් කිරීමේ දෙවන වටය සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම වටය සඳහා සුදුසු ගමන් කාලය ජනවාරි 27 සිට අප්‍රේල් 1 දක්වා වේ.

ඊළඟ වටයේ වවුචර්පත් නිකුත් කිරීම මාර්තු මස 30වන දින සිට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා සුදුසු ගමන් කාලය වන්නේ අප්‍රේල් 6 සිට මැයි 31 දක්වා අතර කාල සීමාවයි.

වික්ටෝරියානු වැඩිහිටියන්ට අවම වශයෙන් ඩොලර් 400 ක් වත් ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශවල නවාතැන්, ආකර්ශනීය ස්ථාන හෝ සංචාර සඳහා වියදම් කළ හොත් වවුචර සඳහා ඉල්ලුම් කළ හැකිය. මෙම වවුචර වික්ටෝරියා ප්‍රාන්තයෙන් පිටත පාවිච්චි කිරීමට නොහැකිය​.

වවුචර එක් නිවසකට එක් අයෙකුට සීමා කර ඇති අතර සුදුසුකම් ලැබීම සඳහා සංචාරකයින් අවම වශයෙන් රාත්‍රී දෙකක්වත් කලාපීය වික්ටෝරියා හි නවාතැන්(මුදල් ගෙවා වෙන් කර ගත හැකි) ගත යුතුවේ.

Yarra Valley, Mornington Peninsula සහ Bellarine යන කලාපීය සංචාරක ප්‍රදේශයන් මෙම යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන අතර වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ ගමන් දැනටමත් වෙන්කරවා ගෙන තිබුණද ඉල්ලුම් කළ හැකිය.

 

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »