
ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
අදාළ කාන්තාව ඊයේ දිනුම් අදිනු ලැබූ සෙට් ෆෝ ලයිෆ් ලොතරයියෙන් ඩොලර් මිලියන 4.8 විශාල ත්‍යාග මුදලක් ජයග්‍රහණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය වසර ගණනක සිට ලොතරැයි මිලදී ගත්ත ද මෙවැනි විශාල මුදලක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වන බව සඳහන්.

ලොතරැයි ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියාසිටියේ මෙම පුවත සැලවීමත් සමග තමා කම්පනයට පත්වු බවයි.
ඇය මෙම ජයග්‍රාහි මුදල ඉදිරි වසර 20 වෙනුවෙන් මාසයකට ඩොලර් 20000 ලෙස බෙදා වෙන් කර වියදම් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබෙනවා.
