නිතර කෝපයෙන් ඉන්න අයට හෘදයාබාධ අවදානම වැඩි වෙයි

නිතර කෝපය වැඩිවීම තුළින් හෘදයාබාධ අවදානම වැඩි කරන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

නිරෝගී තරුණ වැඩිහිටියන් 280ක් සහභාගී කර ගෙන ඇමරිකානු හෘද සංගමයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනුයි මෙම අත් හදාබැලීම සිදු කර තිබුණේ.

මෙම පිරිස කොටස් 4කට අහඹු ලෙස වෙන් කර දුක, සතුට, කෝපය, කනස්සල්ල යන සාධක ඔස්සේ නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

ඒම සිතුවිලි ඇති කිරීමට පෙර පරික්ෂණයට භාජනය වන පිරිසගේ රුධිර සාම්පල පරික්ෂා කිරීමටද පියවර ගෙන තිබුණා.

ඒ අනුව ඇමරිකානු හෘද සංගමය මගින් බදාදා ප්‍රකාශයට පත් කරන ලද සොයාගැනීම්වලින් පෙන්නුම් කර ඇත්තේ කෝපයට පත්වූවන්ගේ රුධිර වාහිනී ක්‍රියාකාරිත්වය අඩපණ කරන ආකාරය සහ හදවතට බලපෑම් ඇති කරන බවයි.

පර්‍යේෂණයට සහභාගි වූ අනෙක් කණ්ඩායම් හා සසඳන විට කෝපාවිෂ්ට කණ්ඩායමේ පුද්ගලයින් අතර රුධිර නාලවල විස්තාරණය කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව සොයාගෙන තිබෙනවා.

රුධිර වාහිනී ප්‍රසාරණය වන ආකාරය දුර්වල වීම ධමනි ක්‍රියාකාරීත්වයට සෘජුව බලපෑම් කරන අතර ධමනි සිහින් වීම නිසා කිරීටක හෘද රෝග, හෘදයාබාධ, ආඝාතය සහ වකුගඩු ආබාධ ඇති විය හැකි බවයි පර්‍යේෂකයින් පෙන්වා දෙන්නේ

යෝග, ව්‍යායාම හෝ වෙනත් ස්ථාපිත ශිල්පීය ක්‍රම මගින් හෘද රෝග සහ කෝපයේ ගැටලු ඇති රෝගීන්ගේ කෝපය පාලනය කිරීමට මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල උපකාර විය හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ආචාර්ය හොලි මිඩ්ල්කාෆ් ප්‍රකාශ කළා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »