එමිරේට්ස් විසින් ඕස්ට්‍රේලියාව වෙත​ සිය ගුවන් ගමන් අත්හිටු වද්දී විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ෆෙඩරල් රජය විසින් විශේෂ ගුවන් සේවාවක් අරඹයි! 

එමිරේට්ස් විසින් ඕස්ට්‍රේලියාව වෙත​ සිය ගුවන් ගමන් අත්හිටු වද්දී විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ෆෙඩරල් රජය විසින් විශේෂ ගුවන් සේවාවක් අරඹයි! 

විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් නැවත ගෙන්වා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ගුවන් ගමන් 20 ක් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවට පසුගිය දා නිවේදනය කර ඇත​.

මෙම තීරණයට හේතු වී ඇත්තේ අන්තර්ජාතික ගුවන් සමාගමක් වන එමිරේට්ස් විසින් ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට සිය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුවය​. මේ හේතුවෙන් බලාපොරොත්තු සුන් වූ විදේශයන්හි අතරමංව සිටින ඕස්ට්‍රේලියානුවන් කලකිරීමට පත් වී සිටී.

මෙම ගුවන් ගමන් සේවාව ලොව පුරා ප්‍රමුඛතා ප්‍රදේශවලින් පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් සඳහා බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය සයිමන් බර්මින්හැම් සෙනසුරාදා පැවසීය.

එමිරේට්ස් ගුවන් සේවය​ නොමැතිවීම ගුවන් ගමන් ලබා ගැනීමට බාධාවක් නොවන බවත් අලුතින් සකස් කරන ලද ගුවන් ගමන් වත්මන් සංචාරකයින් ගෙන්වීමේ වැඩසටහනට ප්‍රමාණවත් වන බව​ ඔහු පැවසීය.

එමිරේට්ස් ගුවන් සේවයෙන් ගෙන්වා ගැනීමට නියමිතව තිබූ සංචාරකයින් ප්‍රමාණය වෙනත් ගුවන් ගමන් සේවයක් හරහා ගෙන්වීමට අවශ්‍ය සියලු පියවරයන් හැකි ඉක්මණින් ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් පැවසීය​.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »