චාමර වීරසිංහ දින 40කට පසු රෝහලෙන් යළිත් නිවසට

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පූර්ණ සුවය ලැබෙන තෙක් සංගීතකටයුතුවලින් තාවකාලිකව ඉවත් වන බවයි චාමරවීරසිංහ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මාස කිහිපයක් යනතුරු ගායනය සඳහා යොමු නොවිය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශය කර තිබීම ඊට හේතුවයි.

ශ්වසන රෝග තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඔහු දින 40ක් පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

එහිදි ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකට භාජනය වූ බව සඳහන්.

චාමර වීරසිංහගේ රසිකයින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් නොයෙක් ආගමික වතාවන් සිදු කරනු ලැබුවා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »