ඉන්දීය ක්‍රීඩකයින්ට වර්ගවාදී ප්‍රකාශයන් සිදුකළ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවතට​!

ඉන්දීය ක්‍රීඩකයින්ට වර්ගවාදී ප්‍රකාශයන් සිදුකළ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් පිටියෙන් ඉවතට​!

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් සිරාජ් විසින් සිදුකළ පැමිණිල්ලක් මත සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් ඉවත් කිරිමට ආරක්ෂක අංශ විසින් ඊයේ(10/01) පියවර ගනු ලැබුවා.

ඒ ප්‍රේක්ෂකයින් විසින් වර්ගවාදය මුල් කර ගනිමින් විවිධ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙනි.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර සිඩ්නි හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ 4 වන දිනයේදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි මොහොමඩ් සිරාජ් හට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් පිටියේ සිටි විනිසුරුවන්ව දැනුවත් කරන ලදී.

දැනට පැවැත්වෙන ටෙස්ට් තරඟයේ දෙවන හා තෙවන දිනවල දී මොහොමඩ් සිරාජ් සහ ජස්ප්‍රිත් බුම්රා හට තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් විසින් වර්ගවාදී ප්‍රකාශයන් සිදුකළ බවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් තරග බලධාරීන්ට පැමිණිලි කරනු ලැබ අතර ඒ අනුව ප්‍රේක්‍ෂකයින් පිරිසක් පිටියෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කොට ඇත​.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »