එක්සත් රාජධානියේ පවතින කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳුනු බ්‍රිස්බේන් හි හෝටල් නිරෝධායනයේ පිරිසිදුකාරක සේවකයෙකු හමුවේ.

එක්සත් රාජධානියේ පවතින කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳුනු බ්‍රිස්බේන් හි හෝටල් නිරෝධායනයේ පිරිසිදුකාරක සේවකයෙකු හමුවේ.

බ්‍රිස්බේන් හි ග්‍රෑන්ඩ් චාන්සලර්හෝටලයේ අනියම් පිරිසිදුකාරියක ලෙස සේවය කරන මෙම කාන්තාව ඊයේ රාත්‍රියේ දියත් කල හදිසි පරීක්‍ෂණයකින් ඇය එක්සත් රාජධානියේ ඉතා වේගයෙන් බෝවන කොරෝනා වයිරස් විකෘති ප්‍රභේදය වැළඳී ඇතැයි තහවුරු වී ඇත​.

මෙම රෝගය වර්ධනය වීමට පෙර මෙම කාන්තාව පොදු ප්‍රවාහනයක ගමන් කර ඇති බවත් සාප්පු සවාරියේ ගොස් ඇති බවත් ක්වීන්ස්ලන්ත රජය පවසයි.

ඇය වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න හරියටම පැහැදිලි නැති නමුත් එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණි දරුවෙකු මෙම හෝටල් නිරෝධායනයේ සිටි බවට සඳහන් වේ.

මෙම කොරෝනා ආසාදිත සේවිකාව ජීවත් වන්නේ බ්‍රිස්බේන් හි Algester නගරයේය​.

මෙම සිද්ධියත් සමඟම​ ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව​ විසින් බ්‍රිස්බේන්, ලෝගන් සහ ඉප්ස්විච් හි රෝහල් සහ වයස්ගත සත්කාරක පහසුකම් නැරඹීම තහනම් කර ඇත.

ක්වීන්ස්ලන්තයේ ඕනෑම කොරෝනා රෝග ලක්ෂණයක් ඇති ඕනෑම අයෙකු වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස ක්වීන්ස්ලන්ත අගමැතිවරයා ඉල්ලා සිටී.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »